Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණයක් ඉල්ලා ප්‍රදේශ කිහිපයක ජනතා පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහන්  

Add comments

ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා ජනතා පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහන් ප්‍රදේශ කිහිපයක පැවැත්වුණා.

නිවිතිගල නගරයේ පැවති පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනට ප්‍රදේශයේ විශාල පිරිසක් සහාය පළකලා. ජනතා මතයට ඉඩ සලසමින් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි ජනතාව ඉල්ලා සිටින්නේ.

ජනතාව,

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  නිවිතිගල ආසන සංවිධායක ප්‍රේමලාල් ජයසේකර මහතා සහ නිවිතිගල ප්‍රා දේශීය සභාවේ නියෝජිතයින් වැඩසටහන සංවිධාන කළා.

මේ අතර කඩිනම් මහ මැතිවරණයක් ඉල්ලා පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනක් නාච්චදූව නවය  නවය ඇළ ප්‍රදේශයේදී පැවැත්වුණා.  හිටපු පළාත් අමාත්‍ය එච්.බී සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වුනේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG