Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් අනතුරුවල වැඩිවීමක්  

Add comments

පසුගිය වසරේ දී ගුවන් අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා.

2017 වසරට වඩා පසුගිය වසරේදී ගුවන් අනතුරු සිදුවීම්වල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ගුවන් ආරක්ෂක සංවිධානයක් සිදුකළ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ. පසුගිය වසරේදී සිදුවූ ගුවන් අනතුරුවලින් පුද්ගලයින් 556 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 2017 වසර ඉතිහාසයේ සදහන් වූ ගුවන් අනතුරු අඩුම වසර ලෙසයි සැලකෙන්නේ. එම සංවිධානය සදහන් කරන්නේ පසුගිය වසරේදී ගුවන් අනතුරු 15 ක් පමණ සිදුව ඇති බවයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවූ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් යානය අනතුරට ලක්වීමෙන් 189 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එය එම වසරේ සිදුවූ දරුණුතම ගුවන් යානා අනතුරයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG