Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවදිල්ලි නගරයේ හෝටල් සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් 17ක් ජිවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ හෝටල් සංකීර්ණයක ඇතිවූ ගින්නෙන් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ගින්න හටගෙන තිබෙන්නේ අද (12) පෙරවරු 4 ට පමණ. හෝටල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ ගින්න හටගන්නා අවස්ථාවේදී එහි සිටි බොහෝ දෙනෙක් නින්දේ පසුවූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ගින්න පාලනය කිරිම සදහා ගිනි නිවීමේ රථ 24 ක් යෙදවීමට පියවර ගැණුනා. ඊට ගුවන් හමුදාවේ සහාය ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එරට නිවාස අමාත්‍යවරයා ද සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂා කර තිබෙනවා. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG