Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ  

Add comments

මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (01) පෙරවරුවේ විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය යටතේ මුදල් කොමිෂන් සභාව 1987 වර්ෂයේ දී ස්ථාපිත කරන ලදී.

1988 දී ආරම්භ වී වසර තිහක වැනි කාලසීමාවක් තුළ මුදල් කොමිෂන් සභාවේ කාර්යාලය විවිධ ස්ථානවලට මාරු වීම හමුවේ ආයතනයේ ක්‍රියාකාරිත්වයට මෙන් ම ආයතනයේ කාර්යමණ්ඩලයට ද නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු විය.

මෙම දුෂ්කරතා හදුනා ගනිමින් 2016 වසරේ දී මුදල් කොමිෂන් සභාව සදහා නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතරල ඉන් පසුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රාජගිරියල සරණමාවත අංක 03 දරණ ස්ථානයේ මෙම නව සය මහල් ගොඩනැගිල්ල ඉදිකර අවසන් කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

කථානායක කරූ ජයසුරිය මහතා ද පළාත් ආණ්ඩුකාරවරුන් දල කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාල මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංගල මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරන් ද මුදල් කොමිෂන් සභාවේ සභාපති යූගඑච්ග පලිහක්කාර මහතා ඇතුළු කොමිසමේ සමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටිය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG