Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ජනපති අතින් නිරාවරණය කෙරේ  

Add comments

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (04) පෙරවරුවේ සිදු විය.

ජාතික අභිලාෂයන් වෙනුවෙන් කැපවූ විශිෂ්ට නායකයකු වූ රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ගුණ සමරුව පෙබරවාරි 26 වනදාට යෙදී තිබුණි.

ඒ නිමිත්තෙන් ඒ මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී නිරාවරණය කෙරුණු අතර ආලේඛ්‍ය චිත‍්‍රය නිරාවරණය කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ද, අමල් කරුණාරත්න, අවන්ති කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG