මෙරට වනගහනය වැඩිකිරීම වෙනුවෙන් හෙක්ටාර 85000 ක් වෙන්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාවේ හරිත වනගහනය වැඩි කිරීමේ අරමුණින් මහවැලි හා පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන රුක් රෝපණ වැඩසටහනක් ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම රුක් රෝපණ වැඩසටහනේ පළමු අදියර යටතේ පැල 2500 ක් සිටුවීමට කටයුතු කෙරෙනවා.
Post a Comment