අභියෝගවලට මුහුණදිය හැකි ශක්තිමත් නායකයෙකු එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා.
අනුරාධපුර තලාව ප්‍රදේශයේ මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු ආරම්භ කිරිමෙන් පසු පැවති ජනහමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තලාව, කැකිරාව ,ගනේවල්පොළ , දාච්චිහල්මිල්ලැව මාර්ග සංවර්ධන කිරිම ආරම්භ කෙරුණේ හදවත් යා කරන රන් මාවත් ව්‍යාපෘතිය යටතේයි. ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් කෝටි අට සියයක්.
The post අභියෝගවලට මුහුණදිය හැකි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් appeared first on ITN News.
Post a Comment