Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ  

Add comments

මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණා. එම උත්සවය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මහනුවර රෝහල ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම තෘත්‍රීක සත්කාරක සේවා රෝහල වනවා. අක්කර 58 ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව ඇති මහනුවර රෝහල විශේෂඥ වෛද්‍ය සේවාවන් 62 කට අධික ප්‍රමාණයක් සපයනු ලබනවා. වාට්ටු සහ විශේෂිත ඒකක 112 කින් මෙම රෝහල සමන්විතයි. දැඩි සත්කාර ඒකක 11 කින් යුක්ත මෙම රෝහලේ දෛනිකව 2400 දෙනෙකුට වැඩි පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නවා. බාහිර රෝගී අංශයෙන් දිනකට රෝගීන් එකොළොස් දහසක් පමණ ප්‍රතිකාර ලබා ගන්නා අතර සායන 40 ක් මඟින් වාර්ෂිකව ලක්ෂ 10 කට වැඩි රෝගින් පිරිසකට ප්‍රතිකාර ලබාදීම සුවිශේෂී වනවා. නවීන පහසුකම්වලින් සමන්විත රසායනාගාර පහසුකම් මඟින් වාර්ෂිකව ලක්ෂ 25 කට අධික රෝග නිරීක්ෂණ හා පරීක්ෂණ සේවාවන් සිදු කිරීමද මහනුවර රෝහලේ විශේෂත්වයක්. මහනුවර රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවයේ ගැටලු රැසකට විසදුම් ලබාදීමට රජයට හැකි වූ බවයි.

 

The post මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG