මෙවර සිරිපා වන්දනා සමය ලබන 11 වනදාට යෙදෙන උදුවප් පුර පසලොස්වක පොහොයෙන් ආරම්භ වනවා.
සිරිපා අවාර සමයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ‍්‍රිපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සුමන සමන් දෙව පිලිමය , සදාතුක කරඩුව හා දේවාභරණ චාරිත‍්‍රානුකුලව දොරට වැඩීම ලබන සදුදා සිදුකිරිමටයි නියමිත. 10 වනදා අලුයම යෙදෙන සුබ මොහොතින් සමන් දෙවි පිළිමය, සදාතුක කරඩුව සහ දේවාභරණ ශ‍්‍රිපාදස්ථානය වෙත වැඩම කරවීම සිදුවන්නේ පෙරහැර තුනක් මගින්.
පැල්මඩුල්ල , අවිස්සාවේල්ල, කරවනැල්ල, කිතුල්ගල , ගිනිගත්හේන, හැටන්, නෝවුඩ්, මස්කෙළිය, නල්ලතන්නිය හරහා ශ‍්‍රීපාදස්ථානය දක්වා එක් පෙරහැරක් ගමන් කරනවා. රත්නපුර එරත්න මාර්ගය හරහා ශ‍්‍රීපාදස්ථානය දක්වා සහ බලංගොඩ , බගවන්තලාව, නෝවුඩ්, මස්කෙළිය, නල්ලතන්නිය හරහා ශ‍්‍රීපාදස්ථානය දක්වා පෙරහැර දෙකක් ගමන් කිරිමටයි කටයුතු සුදානම් කර තිබෙන්නේ.
මෙම සියලු කටයුතු පුර්ණ රාජ්‍ය අනුග‍්‍රහය මත සිදුකෙරෙන බව ශ‍්‍රිපාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කළා. උදුවප් පුන් පොහෝදා අලුයම යෙදෙන සුබ නැකතින් ශ‍්‍රි‍්‍රීපාද පද්මය සුවද පැනින් දෝවනය කිරිමෙන් අනතුරුව සුමන සමන් දෙව් ප‍්‍රතිමාව ඇතුලු පුජාභාණ්ඩ ශ‍්‍රීපාද උඩමළුවේ පිහිටි සමන් දේවාලේ තැන්පත් කිරිම සිදුකෙරෙනවා.
The post මෙවර සිරිපා වන්දනා සමය ලබන 11 වනදායින් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment