ජපානයේ හවායි පර්ල් වරායට ප්රහාර එල්ලවී වසර 78ක් සපිරෙනවා. එය අනුස්මරණය කිරීමේ උත්සවයක් හවායිහිදී පැවැත්වුණා.
දෙවන ලෝක යුද්ධයට ඇමෙරිකාවට අවතීර්ණ වන ලෙස කළ ආරාධනයක් ලෙසයි මෙම ප්රහාරය හැදින්වෙන්නේ. ප්රහාරයෙන් ඇමෙරිකා සෙබලුන් 2335 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා. මෙම පිරිසෙන් හරි අඩක් දියෙහි ගිල්වා විනාශ කළ ඇරිසෝනා නෞකාවේ සිටි පිරිස බවයි වාර්තා තහවුරු කළේ. 1941 වසරේ දෙසැම්බර් 07 වනදා එල්ලවූ මෙම ප්රහාරය සිහිපත් කරමින් පැවති අනුස්මරණ උත්සවයට ප්රහාරයෙන් දිවි බේරාගත් භට පිරිස් ද එක්ව සිටීම විශේෂත්වයක්. හවායි ප්රහාරයෙන් පසු ඇමෙරිකාව ද ප්රතිප්රහාර එල්ල කළා.
The post ජපානයේ හවායි පර්ල් වරායට ප්රහාර එල්ලවී අදට වසර 78 යි appeared first on ITN News.
Post a Comment