අධික වැසි හේතුවෙන් වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
වැලිමඩ නගරයේ සතිපොල අසල වැලිමඩ රෝහල්කන්ද නායයෑමට ලක්වෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයෙන් මඩ මිශ්ර ජලය මාර්ගයට ගලාඑමින් පවතින බැවින් මාර්ගයේ කොටසක් වසා දැමුණා.
රථවාහන හැසිරවීමට පොලිස් ආරක්ෂාවද යොදවා ඇති බවයි පොලිසිය සදහන් කළේ.
The post අධික වැසි හේතුවෙන් වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ කොටසක් වසාදැමේ appeared first on ITN News.
Post a Comment