විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත. ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට විදුලි අර්බුදයක් හටගත හැකි බවටයි හදුනාගෙන තිබෙන්නේ. මේ වසරේදී ජාතික විදුලිබල පද්ධතියට එක්විය යුතු මෙගාවොට් සියයක විදුලි ධාරිතාව එක්නොවීමයි ඊට හේතුව. ගැටලුව විසඳා විදුලි අර්බුදයක් ඇති නොවන පරිදි කි‍්‍රයාමාර්ග ගැනීමයි පනත සංශෝධනය කිරීමේ අරමුණවී තිබෙන්නේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්. විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා ලබන සතියේදී කැබිනට් මණ්ඩල පති‍්‍රකාවක් ද ඉදිරිපත් කිරීමටයි නියමිත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත විදුලි අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.
The post විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක් appeared first on ITN News.
Post a Comment