ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්රබල සාක්ෂි රැසක් පවතින බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව පවසනවා.
මේ හේතුවෙන් දෝෂාභියෝගය කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බවයි ඒ වෙනුවෙන් පත්කළ ඩිමොක්රටික් පක්ෂ කමිටුව පවසන්නේ. මේ වනවිටත් ඒ සඳහා වාර්තාව සැළසුම්කර ඇති බවද ඔවුන් පවසනවා. මීට පෙරද ඩොනල්ඩ් ට්රම්ප් තමන්ට එල්ල වූ චෝදනා ප්රතික්ෂේප කළා. මෙය ද ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුවන මඩ ප්රචාරයක් බවයි ඩොනල්ඩ් ට්රම්ප පවසන්නේ.
The post ට්රම්ප්ට එරෙහි දෝෂාභියෝගය කඩිනමින් appeared first on ITN News.
Post a Comment