ඩ්‍රෝණ කැමරාවක් නීතිවිරෝධීව ගුවන්ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීපිලිමාන ප්රදේශයේදීයි.
නුවරඑළිය පොලීසියට කිලෝමීටර 9 ක් පමණ දුරින් පිහිටි සේනානන්ද විද්‍යාලය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මතයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිත්‍යානුකූල බලපත්‍රයක් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරයකින් තොරව මෙම පුද්ගලයා ඩ්‍රෝණ කැමරාව ගුවන්ගත කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
The post ඩ්‍රෝණ කැමරාවක් නීතිවිරෝධීව ගුවන්ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment