සෞදි අරාබියේ අවන්හල්වලට ඇතුළු වීමේදී ස්ත්‍රී පුරුෂ භාවය මත පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
මීට පෙර කාන්තාවන් සහ පිරිමින් සඳහා වෙන වෙනම පිවිසුම් තිබූ නමුත් මින් ඉදිරියට වෙන් වෙන්ව පිවිසුම් අවශ්‍ය නොවන බවයි එරට රජය සඳහන් කරන්නේ. සෞදි අරාබියේ සමාජ ප්රතිසංස්කරණත් සමඟ මෙම වෙනස ආරම්භ වූ බව සඳහන්. සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු 2018 වසරේ සිට කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඔහු ප්‍රසංශාව දිනාගෙන ඇති බවයි විදෙස් විචාරකයින් සඳහන් කරන්නේ.
The post සෞදි අරාබියේ අවන්හල්වලට ඇතුළු වීමේදී ස්ත්‍රී පුරුෂ භාවය මත පනවා තිබූ තහනම ඉවත් කෙරේ appeared first on ITN News.
Post a Comment