Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රක්ෂිත ප‍්‍රදේශයක පතල් කැනීම් කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

රක්ෂිත ප‍්‍රදේශයක පතල් කැනීම් කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

කහවත්ත කඳවුරේ නිලධාරින් වැටලීම් සිදුකර තිබෙන්නේ රක්වාන පොලිස් වසමේ පන්නිල රක්ෂිතයේදී. ඔවුන් ළඟ තිබූ උපකරණ තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගත්තා. එම පුද්ගලයන් පස්දෙනා භාරදී තිබෙන්නේ රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට.

මේ අතර බගවන්තලාව චැපල්ටන් තේවත්තේ පරිසර හානියක් සිදුකරමින් අනවසරයෙන් මැණික් ගැරූ තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් සහ මැණික් ගැරීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සැකකරුවන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.ඔවුන් චැපල්ටන් තේ වත්තේ පදිංචි කරුවන් බවද පොලිසිය සදහන් කළා.

The post රක්ෂිත ප‍්‍රදේශයක පතල් කැනීම් කළ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG