Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නඩු ප්‍රමාද වීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීම අභියෝගයක්  

Add comments

නඩු ප්‍රමාද වීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීම තමන්ට පැවරී ඇති අභියෝගයක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් උවායිද් මැකිනෝන් මහතා සමග පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදුවුණා. අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේ දී තම රටෙන් ලැබිය යුතු සහායක් ඇතිනම් එය ලබා දීමට සූදානම් බවයි මහකොමසාරිස්වරයා මෙහිදී සදහන් කළේ.

නීතියේ ආදිපත්‍ය මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

 

 

 

 

The post නඩු ප්‍රමාද වීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීම අභියෝගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG