අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවර සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබද නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද පැවැත්වුණා. ඒ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
නායයාම් අවදානම් සහිත නිවාස සදහා පෙරසවි නිවාස යෝජනා ක්‍රමයක් රජයක් ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස දෙදහසක සහ කළුතර දිස්ත්‍රික්කයේ නිවාස 400 ක වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සදහා රුපියල් මිලියන 7 ක මුදලක් ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත මේ වන විට ලබා දී තිබෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට ආපදා අවදානම් සහිත කලාප වල ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සුදානමින් තබා ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙළි කෙරුණා. මේ වන විට දිස්ත්‍රික් 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට අයත් පවුල් 1480 ක පුද්ගලයන් පන්දහස් හාරසිය පහළොවක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. එම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද එක් වුණා.
The post අවතැන් ජනතාව වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවර ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් appeared first on ITN News.
Post a Comment