Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්උවදුර හා ඉස්ලාම් අන්තවාදය මැඬලන්න සහාය වන්නැයි ජනපති පාකිස්තානයෙන් ඉල්ලයි  

Add comments

පාකිස්ථාන විදේශ කටයුතු පිලිබද අමාත්‍ය ශාඩ් මහමුද් කුරේෂි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද මුනගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයී.

තමන්ගේ සහ තම රජයේ සුභාශිංසන ජනාධිපතිතුමා වෙත පිලිගැන්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය,වෙළද කටයුතු, ආරක්ෂක සහයෝගීතාවය සහ කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීමට පාකිස්ථානයේ ඇති දැඩි උනන්දුව ප්‍රකාශ කළා. පාකිස්ථානයේ බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා සමග එක්ව ක්‍රියා කිරීමට තම රජය කැමැත්තෙන්  සිටින බවයි පාකිස්ථානු අමාත්‍යවරයා  කියා සිටියේ.  ජනාධිපතිතුමාට පාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසද ඒ මහතා ඇරයුම් කළා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  පෙන්වා දුන්නේ මූල්‍යාධාර සෙවීම වෙනුවට අනෝන්‍ය වශයෙන් ඵලදායී වන වෙළද හා ආයෝජන දියුණු කිරීම වැදගත්වන බවයි. පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේ වෙළදපොල සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පල කළා. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට මෙන්ම ඉස්ලාම් අන්තවාදයට එරෙහි සටන සදහාද ශ්‍රී ලංකාව පාකිස්ථානයේ සහාය අපේක්ෂා කරන බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ. පාකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය මොහොමඩ් ෆයිසාල් සහ ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහකොමසාරිස් තන්වීර් අහමඩ් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර දිවයිනට පැමිණ සිටින පාකිස්තාන විදේශ අමාත්‍යවරයා  විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා පාකිස්තාන විදේශ අමාත්‍යවරයා අතර හමුව සිදුවූයේ විදේශ අමාත්‍යාංශයේදීයි. අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ද ඊට එක්ව සිටියා.

 

The post මත්උවදුර හා ඉස්ලාම් අන්තවාදය මැඬලන්න සහාය වන්නැයි ජනපති පාකිස්තානයෙන් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG