කැළිකසළ ඉවත් කිරීම නිසියාකාරයෙන් සිදුවන්නේ ද යන්න විමසා බැලීම හා සම්බන්ධීකරණය පමණක් පොලීසිය සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ 8 වන ගුණ සමරුවට සමගාමී ලෙස මහනුවර මහයියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති විශේෂ දානමය පුන්‍යකර්මයට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
නගර සභාව, ප්‍රාදේශීය සභාව වැනි පළාත් පාලන ආයතනවලට පරිසරය පිරිසිදුව තබා ගැනීම සදහා වගකීම පැවරෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
මේ අතර වීරකැටිය නයිගල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තලාවේ නන්දසාර ස්වාමීන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වී සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පස්වරුවේ එක්වුණා. උන්වහන්සේගේ දේහය පිලිබද ආදාහන පූජෝත්සවය විහාරස්ථ ආදාහන මලුවේදී හෙට සිදු කෙරෙනවා.
The post කැළිකසළ ඉවත් කිරීම පොලීසියේ රාජකාරියක් නොවේ – අගමැති appeared first on ITN News.
Post a Comment