Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය පාලන කටයුතු සඳහා ජී පී එස් තාක්ෂණය  

Add comments

දුම්රිය පාලන කටයුතු සඳහා ජී පී එස් තාක්ෂණය යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මේ වනවිටත් දුම්රිය 20 කට ජී පී එස් උපාංග සවිකර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ. අදියර තුනක් යටතේ කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස මෙරට ධාවනය වන සියලුම දුම්රියන් හි ජී පී එස් උපාංග සවි කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. එමගින් දුම්රිය ධාවනය වන වේලාවන් සහ ප‍්‍රමාද වුවහොත් ඒ පිළිබදව ද පහසුවෙන් දැනුම්දීමට හැකිවීම විශේෂත්වයක්. දුම්රිය දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධවයි ව්‍යාපෘතිය මෙහෙය වන්නේ.

මේ අතර දුම්රියේ සිඟමන් යැදීම සහ අනවසරයෙන් වෙළෙදාම් කරන්නන් අත්අඩංගුවට ගැනීමට අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි දුම්රිය ප‍්‍රධාන ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ප‍්‍රකාශ කළේ.

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර පස් කඳු කඩාවැටීම හේතුවෙන් අබලන්වූ කොටස ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා යුධ හමුදාව ද යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ. දියතලාව සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ධාවනය නොවන බවත් ඒ වෙනුවෙන් බස් රථ යොදවා ඇති බවත් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

The post දුම්රිය පාලන කටයුතු සඳහා ජී පී එස් තාක්ෂණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG