රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. ඒ ගොඩකවෙල මහජන ක්‍රීඩාංගනයේදීයි.
අභාවප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහය තැන්පත් කර ඇති ගොඩකවෙල නිවස වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වුවා. දේහයට අවසන් ගෞරව දැක්විමෙන් පසු පවුලේ ඥාතීන් වෙත ජනාධිපතිතුමා සිය සංවේගය පළකළා. මේ අතර, කතානායක කරූ ජයසූරිය මහතා සහ මැතිඇමතිවරුන් රැසක් දේහයට අවසන් ගෞරව දැක්වූවා
1962 වර්ෂයේදී ගොඩකවෙල, අල්පිටිය ප්‍රදේශයේ දී උපත ලැබූ රංජිත් සොයිසා මහතා අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේදීයි. ඒ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසයි. පසුව ඔහු සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද එම පළාතට සුවිශාල සේවාවක් සිදු කළා. අනතුරුව 2010 මහ මැතිවරණයෙන් ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වනවා. ඒ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින්. 2015 මහ මැතිවරණයෙන්ද දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් රංජිත් සොයිසා මහතා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරි පත් වුණා. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්. ඒ මහතා 2015 වර්ෂයේ සිදු වූ දේශපාලන වෙනස සමගින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකරවයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා. දෙදරු පියෙකු වන රංජිත් ද සොයිසා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළා. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා. අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අවසන් කටයුතු සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මැතිඇමතිවරුන් රැසක් එක්ව සිටියා.
The post රුවන්පුර පෙරළිකාර දේශපාලනඥයා දැයට සමුදෙයි appeared first on ITN News.
Post a Comment