ඉංජිනේරු සංස්ථා වියදමින් මෝටර් රථ කුලියට ගෙන ඉන්ධන හා රියදුරන් යොදවා පරිබාහිර කාර්යයන් සඳහා යෙද වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සැප්තැම්බර් 14 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණයේ අද පෙනී නොසිටි අතර ඔහු වෙනත් නඩුවක් වෙනුවෙන් මහාධිකරණයේ පෙනී සිටින බවයි වීරවංශ මහතාගේ නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නේ.
The post විමල්ට එරෙහි නඩුව සැප්තැම්බර් 14 ට කල් යයි appeared first on ITN News.
Post a Comment