ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් විප්ලවවාදී ඉරාන ආරක්ෂක අණදෙන නිලධාරී කස්සෙන් සොලෙයිමානි ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම මිසයිල ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි සිදුවූ බව විදෙස් වාර්තා සදහන් කරනවා. ප්‍රහාරයෙන් සුලු මොහොතකට පසු ඇමෙරිකා ජනාධිපතිවරයා කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ඇමෙරිකා ධජයේ රූපයක් සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකර තිබෙනවා.
ඉරාකයේ සහ කලාපය පුරා සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ සේවකයින්ට පහරදීමට ජෙනරාල් සොලෙයිමානි සැළසුම් කර ඇති බවට ද ඇමෙරිකා ආරක්ෂක අංශ සදහන්කර තිබෙනවා.
The post මිසයිල ප්‍රහාරයකින් ඉරාන අණදෙන ආරක්ෂක නිලධාරී ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment