Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝබි බ්‍රයන්ට මරුකැඳවූ හෙලිකොප්ටර් යානා අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්  

Add comments

ලොව ජනප්‍රිය පැසිපන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට මරුකැඳවූ හෙලිකොප්ටර් යානා අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී සිදුවූ මෙම අනතුරෙන් හෙලිකොප්ටර් යානයේ සිටි නව දෙනාම ජීවිතක්ෂයට පත්වුණා. පැසිපන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ගේ 13 හැවිරිදි දියණිය වන ගියානා ද මිය පිරිස අතර වනවා. අනතුර සිදුවන අවස්ථාවේ පැවති කාලගුණ තත්ත්වය හා හෙලිකොප්ටර් යානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනවලදී  වැඩි අවධානයක් යොමු කරන බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ. මේ අතර ලෝකප්‍රකට පැසිපන්දු ක්‍රීඩකයා සිහිපත් කරමින් ඇමෙරිකාව ඇතුළු ස්ථාන රැසක විශේෂ සැමරුම් වැඩසටහන් ද පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post කෝබි බ්‍රයන්ට මරුකැඳවූ හෙලිකොප්ටර් යානා අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG