කළුතර වාඩියමංකඩ ප්රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා.
අධික වේගයෙන් ගමන්ගත් වෑන් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. අනතුරට ලක් වූ පිරිස පදික හුවමාරුවෙන් ගමන් කරමින් සිට තිබෙනවා. අදාළ වැන් රථය අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි කළුතර පොලීසිය පවසන්නේ.
තුවාල ලැබූවන් පානදුර මූළික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. අනතුරින් මිය ගියේ වයස අවුරුදු 55 ක් වන කළුතර නුගගොඩවත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්රියාත්මකයි.
The post කළුතර වාඩියමංකඩ ප්රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මරුට appeared first on ITN News.
Post a Comment