වෙරල තීර පිරිසිදු කිරීමේ තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
එක් අදියරක් යාපනය මන්ඩතිව් කලපුව කේන්ද්‍ර කරගනිමින් ඊයේ (03) පැවැත්වුණා. වෙලනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද ඊට එක්වූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ. ස්වාභාවික හේතුන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දුෂණයට ලක්ව තිබු මන්ඩතිව් කලපුවට අයත් වෙරල තීරය අපද්‍රව්‍ය වලින් තොර වෙරල තීරයක් බවට පත්කිරිමට එහිදී පියවර ගෙන තිබෙනවා.
The post වෙරල තීර පිරිසිදු කිරීමේ තවත් වැඩසටහන් රැසක් appeared first on ITN News.
Post a Comment