Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 22 දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ  

Add comments

අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සරසවි සිසුන් විසි දෙදෙනා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන ස්වාමීන්වහන්සේ ඇතුලු විසි දෙදෙනෙකුයි මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවූ භික්ෂූන් වහන්සේ දෙනමක ඇතුලු විශ්වවිද්‍යාල සිසුන් විසි දෙදෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගැනුණේ අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේයි. ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය බ්‍රහස්පතින්දා සිට සත්‍යග්‍රහයක නිරත වුණා. සිසුන්ගේ මෙම ක්‍රියාවලිය ජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් වන බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබුණා.

 

 

 

 

The post අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 22 දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG