කොවිඩ් 19 මැඩලීමේ ක්‍රියාන්විතයේ පෙරමුණ ගෙන සිටින සෞඛ්‍ය අංශ වෙත රොබෝ යන්ත්‍ර තුනක් පරිත්‍යාග කෙරුණා.
ඇට්ලස් ඇක්සිලියා සමාගම නිෂ්පාදනය කළ ස්වයංක්‍රීය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර තුන සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදුවුණා.
උෂ්ණත්ව සංවේදකයක් හරහා රෝගියාගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම, දත්ත ගබඩා කිරීම මෙන්ම වීඩියෝ සම්මන්ත්රණ පහසුකමින් ද මෙම රොබෝ යන්ත්‍ර සමන්විතයි.
රෝගීන්ට අවශ්‍ය ආහාර හා ඖෂධ රැගෙනයාමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් ඇති මෙම රොබෝ යන්ත්‍ර ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙහෙයුම් අධ්යක්ෂ ටිරාජ් ජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේයි නිපදවා ඇත්තේ.
The post ඇට්ලස් ඇක්සිලියා සමාගමෙන් රොබෝ යන්ත්‍ර තුනක් සෞඛ්‍ය අංශ වෙත පරිත්‍යාග කෙරේ appeared first on ITN News.
Post a Comment