Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනාවෙන් බැටකන ඇමෙරිකාවේ උණුසුමත් ඉහළට  

Add comments

කොවිඩ් නයින්ටීන් වෛරස වසංගතය මධ්‍යයේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර උෂ්ණත්වය දැඩි ලෙස ඉහළගොස් තිබෙනවා.

එහි උෂ්ණත්වය ගිම්හාන සෘතුවේදී මෙන් ඉහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා සදහන් කරන්නේ. ලොව වැඩිම බලපෑමක් සිදුව ඇති රටවල ඇමෙරිකාවේ ජනතාව වාසය කරන්නේ දැඩි සීමාවන් මධ්‍යයයේයි.

මේ හේතුවෙන් වෙනදා මෙන් එළිමහනේ කාලය ගත කිරීමට එහි වැසියන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ. මෙම වාතාවරණය තුළ තමන් බෙහෙවින් වෙහෙසට සහ පීඩාවට පත්ව සිටින බව නගරවාසීන් පවසනවා.

දෙවන ලෝක යුද්ධයේදී ජපානය ඇමෙරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙලීම සහ සැප්තැම්බර් 11 ලෝක වෙළෙද මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරයට වඩා කොරෝනා වෛරසයෙන් ඇමෙරිකාවට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකලා. වසංගතය පැතිරී යාම සම්බන්ධයෙන් චීනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහු නැවත නැවතත් ප්‍රකාශ කරනවා.

ඊට පිළිතුරු ලබා දෙමින් චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව තුළ වෛරසය පාලනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් චීනයට දොස් පැවරීමෙන් පළක් නොවන බවයි.

The post කොරෝනාවෙන් බැටකන ඇමෙරිකාවේ උණුසුමත් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG