Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක්  

Add comments

කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

නිවසේ සිට වෙසක් ආගමික වතාවත්වල නිරතවීම මෙන්ම පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පිරිත් දේශනා,  ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් සංවිධාන කිරීම සුදුසු වනවා.

වෙසක් කලාප,  දන්සැල්,  තොරණ ආදිය ඇතුළු මහජනතාව ඒකරාශීවන වැඩසටහන් පැවැත්වීමෙන් වැළකිය යුතුයි. වෙසක් සමයේ සිදුකරන  වෙසක් කූඩු,  වෙසක් සැරසිලි සහ අමුද්‍රව්‍ය වැනි වෙළෙදාම් දුරස්ථභාවය තබාගනිමින් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

The post වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG