ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදු තීරය ආසන්නයේ හටගත් භූ කම්පනයෙන් ශ්‍රී‍්‍ර ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
භූ කම්පනයෙන් විශාලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6.9 ක්. මෙරට වේලාවෙන් රාතී‍්‍ර 7.23 ට පමණ භූ චලනය සිදුවූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉන්දීය සාගර කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියා සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය දැනුම්දී තිබෙනවා.
එමගින් ශ්‍රී‍්‍ර ලංකාවට ද කිසිදු සුනාමි අවදානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
The post ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදු තීරය ආසන්නයේ හටගත් භූ කම්පනයෙන් ශ්‍රී‍්‍ර ලංකාවට බලපෑමක් නැහැ appeared first on ITN News.
Post a Comment