ලබන 11 වනදා ආයතනවල කටයුතු ආරම්භ කිරීමත් සමඟ පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් ලබාදීමට සැළසුම් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවනවා.
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා පදනම මඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 365 ක වටිනාකමකින් යුත් අධිපීඩන වායු පීඩන යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම යන්ත්‍ර දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ වෙත පරිත්‍යාග කෙරුණා. බස් ඩිපෝ 107 කට හා ප්‍රාදේශීය කර්මාන්තශාලා 12 ක් සඳහා මෙසේ අදාළ යන්ත්‍ර බෙදා දුන්නා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින් වෙනුවෙන් ලබන සඳුදා සිට ලංගමයෙන් ප්‍රවාහන පහසුකම් appeared first on ITN News.
Post a Comment