දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දිනවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
බස්නාහිර , මධ්‍යම ,සබරගමුව, වයඹ , දකුණ, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම , වව්නියාව , මඩකලපුව හා අම්පාර දිස්ති‍්‍රක්කයේත් සවස් කාලයේදි හෝ රාති‍්‍ර කාලයේදි තැනින් තැන වැසි අපේක්ෂා කෙරෙනවා.
සබරගමුව , මධ්‍යම සහ ඌව පළාත්වලත් , කළුතර , ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මිටර 75 කට වැඩි තරමද තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නෙ.
දකුණ සහ බස්නාහිර පළාත්වලත් , පුත්තලම , මන්නාරම හා යාපනය දිස්ති‍්‍රක්කයේත් වෙරළබඩ ප‍්‍රදේශයේ උදෑසන කාලයෙදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.
The post දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
Post a Comment