යුක්රේනයේ ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් විසි දෙදෙනෙක් මියගියා.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් ගුවන් හමුදා ශිෂ්‍ය භටයින් බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. අනතුරට ලක්ව ඇත්තේ ඇන්ටනෝ 26 වර්ගයට අයත් යානාවක්.
කාර්කියු නගරයේ ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට සූදානමින් සිටියදී අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා. ඒ වනවිට යානයේ රැඳීසිටි මඟීන් සංඛ්‍යාව 27 ක්. ඉන් දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, තවත් තුන් දෙනෙකු අතුරුදන්ව ඇති බවයි යුක්රේන බලධාරීන් ප‍්‍රකාශ කළේ.
අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ. අනතුර සොයා බැලීම සඳහා කොමිසමක් පත්කරන බවයි ජනාධිපති ලොඩ්මියර් සෙලෙන්ස්කි සඳහන් කළේ.
The post යුක්රේනයේ ගුවන් යානා අනතුරක් – 22ක් ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment