ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ආසන අනූ හතරක් සදහා අතුරු මැතිවරණයක් පැවැත්වෙනවා. බිහාර් ප්‍රාන්තයේ පාර්ලිමේන්තුව ආසන දෙසීය හතලිස් තුනකින් සමන්විතයි.
මෙවර ඡන්ද විමසුමේදී තෙජාස්වි යාදෙව් ඉදිරිපෙළ අපේක්ෂයෙකු ලෙස පෙරට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.ඔහු බොහෝ දුරට බිහාර් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වන ලකුණු පහළ වී තිබෙනවා. වාමාංසික දේශපාලන පක්ෂ සහ කොන්ග්‍රසයේ අපේක්ෂකයන් ද ප්‍රචාරක ව්‍යාපාර ගණනාවක් පැවැත්වූ අතර එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රතිපත්ති විවේචනයට ලක්කෙරුණා. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය සමග අතුරු මැතිවරණ පැවැත්වීමට පියවර ගැනීමෙන් රෝගය ව්‍යාපත්වීමේ අවධානමක් ද ඉස්මතු වී තිබෙනවා.
The post බිහාර් ප්‍රාන්තයේ අතුරු මැතිවරණයක් appeared first on ITN News.
Post a Comment