වතු කම්කරුවන් සදහා රුපියල් දහසේ දෛනික වැටුප ඉදිරියේ දී අනිවාර්යයෙන් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ලුණුගල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම සේවා වසම් දහයක ජනතාවට තේ පැල බෙදා දීමේ උත්සවයකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් මුඩු ඉඩම්වල තේ වගාව යලි ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එක් පවුලක් සදහා අක්කර කාලක භූමි ප්‍රමාණයක තේ වගා කිරීම සදහා මෙම වැඩසටහන යටතේ සහයෝගය හිමි වනවා.
The post රුපියල් දහසේ වතු කම්කරු වැටුප අනිවාර්යයෙන්ම දෙනවා – ඇමති නිමල් කියයි appeared first on ITN News.
Post a Comment