ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළෙද මාර්ගයක් වන ඊජිප්තු සූවස් ඇළේ සිරවූ එවර්ගිවන් නෞකාව දින 7 කට පස්සේ මුදා ගැනීමට සහන කණ්ඩායම් අද සමත් වුණා.
මේ සිද්ධිය නිසා බොරතෙල් මිල ඉහළ යාමත් සමග ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. ඊයේ දිනයේදී බොරතෙල් බැරලයක මිල සියයට හතරකින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.බ්‍රේන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් හැට හතරයි ශත පනස් හත දක්වා ඉහළ ගොස් ඇති අතර ඇමරිකානු ඩබ්ලිව් ටී අයි තෙල් බැරලයක මිල ඩොලර් හැට එකකට ආසන්න වනවා.
ඊයේ දිනයේදී සිදු කළ මෙහෙයුම් මගින් නෞකාවේ පිහිටීමේ සුළු වෙනසක් සිදු කිරීමට සහන කණ්ඩායම් සමත්ව වුව ද නෞකාව සම්පූර්ණයෙන් මුදා ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවට අනාවැකි පළවනවා. ඊයේ දිනයේදී ටග් යාත්‍රා 14 ක් යොදා ගනිමින් වඩදිය ඇතිවන අවස්ථාවේ යාත්‍රාව මුදා ගැනීමට උත්සාහ කර තිබෙනවා. අද දිනයේ ද එය ක්‍රියාත්මක බවයි සූවස් ඇළේ පාලනාධිකාරිය සදහන් කරන්නේ. මේ වන විටත් නෞකා 300 කට අධික සංඛ්‍යාවක් ඇළ දෙපස සිරවී ඇති බව වාර්තා වනවා.
ඇතැම් නෞකා දකුණු අප්‍රිකා තුඩුව හරහා යුරෝපය වෙත ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා. ඇළ මාර්ගය අවහිර වීමෙන් ඊජිප්තුවට දිනකට අහිමිවන මුදල ඩොලර් මිලියන 14 ක්. මහා සාගරයේ මෑතකදී ඇතිවූ විශාලතම නෞකා තදබදය මෙය බවයි පැවසෙන්නේ. නෞකාවේ අඩංගු බහාලුම් ප්‍රමාණය 20,000 ක් වනවා. එහි සම්පූර්ණ බර ටොන් දෙලක්ෂ 24,000 ක්. නෞකාව නිවැරදි දිශානතියට යොමු කිරීමට නම් එම ස්ථානයේ සිරවී ඇති වැලි තට්ටු ඉවත් කළ යුතු අතර නෞකාවේ රදවා තිබූ ටොන් නවදාහකට අධික ජලය ද මේ වනවිට ඉවත් කර තිබෙනවා. එමෙන්ම එහි බහාලුම් ප්‍රමාණයක් ඉවත් කර හෝ නෞකාව යථා තත්ත්වයට පත් කර ගැනීමට මේ වන විටත් සැලසුම් ක්‍රියාත්මක වනවා. මෙමගින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් ඇති නොවුව ද ආනයන හා අපනයන පමා වීම හා ඉන්ධන මිල ඉහළ යාම තුළින් වක්රාකාර බලපෑමක් ඇති විය හැකි බවටයි විශ්ලේෂකයන් පවසන්නේ.
The post බොරතෙල් මිල ඉහළ යාමෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment