Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සූවස් ඇළ අවහිරවීමෙන් මුහුදු කොල්ලකෑම් ඉහළ යාමේ අවදානමක්  

Add comments

මෙතෙක් ලෝකයේ නිෂ්පාදිත විශාලතම බහාලුම් නෞකාවක් වන එවර්ග්‍රීන් සූවස් ඇළ මාර්ගයේ සිරවීමෙන් මුහුදු කොල්ලකෑම් ඉහළ යාමේ අවදානමක් මතුවී තිබෙනවා.

මේ වන විට සූවස් ඇළ දකුණු අන්තයේ නෞකා 200 කට වැඩි සංඛ්‍යාවක් සිරවී ඇති අතර ඒවායේ නවතම මෝටර් රථ, මත්පැන්, ගවයන්, ආහාර ද්‍රව්‍ය, සජීවි සතුන් මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බොරතෙල් පවතින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඩොලර් බිලියන 12 කට අධික භාණ්ඩ රැගත් මෙම නෞකා විකල්ප මුහුදු මාර්ග සොයමින් සිටින්නේ සිරවූ නෞකාව ඉවත් කිරීම තවදුරටත් පමා වීම හේතුවෙන්.

යුරෝපයට ලගා වීම සදහා ඔවුන්ට පවතින විකල්පය වන්නේ දකුණු අප්‍රිකානු සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා ගමන් කිරීමයි.

එලෙස නෞකා රැසක් නැගෙනහිර අප්‍රිකානු මුහුදට පිවිසීම මුහුදු කොල්ල ඉහළ යාමේ අවදානම ඉහළ නංවන බව නාවික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

 

The post සූවස් ඇළ අවහිරවීමෙන් මුහුදු කොල්ලකෑම් ඉහළ යාමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG