Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා 5 ක්  

Add comments

ඩ්‍රෝන තාක්ෂණය මගින් නිරීක්ෂණ කටයුතු පිළිබද සබදතා ශක්තිමත් කර ගැනීමට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව එකගතාවකට පැමිණියා.

ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ ගුවනේ සිට නිරීක්ෂණ සිදු කිරීම සදහා ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා 5 ක් ලබා දීමට ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය පියවර ගත්තා. ස්වභාවික ආපදා ස්ථාන තක්සේරු කිරීම මෙන්ම සමුද්‍රීය මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීම සදහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනෙනවා.  මිනිස් ජාවාරම් වැළැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය දක්වන සහයට ඕස්ට්‍රේලියාව ප්‍රසාදය පළ කරනවා. අන්තර්ජාලය ඔස්සේ පැවැති උත්සවයකදී සංකේතාත්මකව ඩ්‍රෝන යානා පරිත්‍යාග කෙරුණු අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද ඊට එක්වුණා.

 

 

The post ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා 5 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG