Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි  

Add comments

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා නිල සංචාරය අවසන් කර අද (29) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේ පෙරේදා රාත්‍රියේයි. කටුණායක ගුවන් තොටුපොලේදී ඒ මහතා හරසරින් පිළිගනු ලැබුවා.

චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව සිදුවුණේ ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපතිතුමා සමග මෙන්ම දෙරට අතර සබදතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් වූ බව චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. මෙම හමුව සනිටුහන් කරමින් ඒ මහතා විශේෂ ආරාධිතයන් සදහා වූ සමරු පොතෙහි සටහනක්ද තැබුවා.

මේ අතර චීන ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මුණ ගැසුණා. මෙහිදී අගමැතිතුමා පැවසුවේ පසුගිය සති කිහිපය තුළ කෝවිඩ් 19 ආසාදිතයින් වැඩි වුවද රටේ ආර්ථික හා සමාජීය බලපෑම සළකා බලලා මුළු රටම අගුළු නොදැමීමට රජයක් ලෙස තීරණය කළ බවයි. කොරෝනා පාලනයට මෙතෙක් ලබාදුන් සහායට ප්‍රසාදය පළ කළ අග්‍රාමාත්‍යවරයා ඉදිරියටත් ඒ සදහා සහයෝගය අපේක්ෂා කරන බවද සදහන් කළා. ලොව පුරා ආයෝජකයන් ශ්‍රීලංකාව කෙරෙහි ආකර්ශනය කර ගැනිම සදහා චීනයේ සහාය බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

 

The post චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG