Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන සතියේ පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ  

Add comments

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)සවස පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳකාරක සභාවේදී තීරණය විය.

කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මැයි 19 සහ 20 යන දෙදින තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ඒ අනුව මැයි 19 වැනිදා පෙ.ව 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මැයි 19 සහ 20 යන දින දෙක තුළදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකෙරෙන බවද මහ ‍ලේකම්වරයා කීය.

ලබන සතියේ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් දිනය වන මැයි 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී මුදල් පනත යටතේ රෙගුලාසියක්, මුදල් පනත යටතේ වන නියෝග 02ක්, වරාය සහ ගුවන්‍ තොටුපොළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් 08 ක්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් 02ක්, විදේශ විනිමය පනත යටතේ වන නියෝගයක් විවාදයට ගැනීමට නියමිතය.

එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා වෙන් කරන ලද බවද මහ ලේකම් වරයා පැවසීය.

එමෙන්ම එදින පාර්ලිමේන්තුව පස්වරු 4.30 ට කල් තැබීමෙන් පසුව පස්වරු 5.30 දක්වා සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට නියමිතව ඇතැයිද දසනායක මහතා කීය.

The post ලබන සතියේ පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG