ඊයේ (14) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,289ක් වාර්තා වුණා.
ඊයේ (14)දිනයේ දී අලුතින් හදුනාගත් ආසාදිතයින් 2,289 දෙනා අතුරින් 20දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි.
ඉතිරි 2,269 දෙනා මෙරටින් හදුනාගෙන තිබෙනවා.
ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 555 වනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 281 දෙනෙකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 236ක්, කළුතරින් 211 දෙනෙකු ද වාර්තා වනවා.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 138,085 දෙනෙකු වනවා. මේ අතුරින් 110,108 නෙකු සුවය ලැබුවා. 27,056 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
The post ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2289ක් – කොළඹින් 555ක් appeared first on ITN News.
Post a Comment