Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාස් දරුණු වෙයි ප්‍රදේශ රැසකටම තද වැසි  

Add comments

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වුණ යාස් සුළි කුණාටුව මේ වෙන කොට චණ්ඩ කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ නිසාම දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි වගේම දැඩි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කලුගග ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට තද වැසි ඇති වීමත් සමඟ රත්නපුර ,කුරුවිට , කිරිඇල්ල , අයගම හා ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ජනතාව මේ කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අධික වර්ෂාවත් සමඟ රත්නපුර නගරය හා තවත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙමින් පවතිනවා. රත්නපුර පොලීසිය ඉදිරිපිට කොටස හා සීවලි ක්‍රීඩාංගනයේ කොටසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබුණා.

තවද ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබීමත් සමඟ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කළ බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළා. සෙන් ක්ලෙයාර් හා ඩෙවොන් දියඇළිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් තිබෙනවා.

 

The post යාස් දරුණු වෙයි ප්‍රදේශ රැසකටම තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG