Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි  

Add comments

ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයාණන් වහන්සේගේ ඉපදීම , බුදුවීම හා පිරිනිවන්පෑම සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදයි. බුදු රජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වනුයේ ප්‍රඥාව හා කරුණාවයි.

සෑම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකම ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙහෙර විහාරස්ථානවල පිංකම් පැවැත්වුණ ද මෙවර සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත නිවෙස්වල සිටම එම වතාවත් සිදු කිරීමට ජනතාව කටයුතු කරමින් සිටිනවා.

සිදුහත් කුමරුගේ උපත , සියළු කෙලෙස් නසා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන්පෑම සිදුවූයේ අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනකයි. අප්‍රමාණ වූ සංසාර ගමනේ අවසන් භවයේදී සිද්ධාර්ථ නමින් ලුම්බිණි සල් උයනේදී උන් වහන්සේ උපත ලැබුවා. බෝසතාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය පතා පළමු වරට නියත විවරණ ලැබුවේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්. වසර හයක් පුරා දුෂ්කර ක්‍රියා කරමින් බුද්ධත්වය උදෙසා උන්වහන්සේ අපමණ වෙහෙසක් දැරුවා. බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල දැඩි අධිෂ්ඨානයෙන් වැඩ සිටි අප බෝසතාණන් දසමාර සේනාව පරදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් ලොව්තුරා බුද්ධත්වයට පත්වුණා. ලෝ වැසියනට සසරේ අඳුරු සෙවණැලි දුරු කරවන සදහම් මාවත පෙන්වා දුන් උන්වහන්සේ කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේදී පරිනිර්වාණය කරා එළඹියේ ද අද වැනි වෙසක් පුන් පොහෝදිනකදීයි. බුද්ධත්වයෙන් අට වන වසරේ වෙසක් පොහෝ දිනක උන්වහන්සේ ලක්දිව කැලණි පුරයට වැඩම කළා. රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම සහ එහි බිම සකස් කිරීම යන කරුණු දෙකම වෙසක් පොහෝ දිනයේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

අමාදම් සිසිලස වැඩසටහන මෙවරත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ආචාර්ය පූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේයි ධර්ම දේශනය සිදු කළේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට ගරු කරමින් මෙම ධර්ම දේශනාව සංවිධානය කර තිබුණා. අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ දෙසීය දස වැන්නයි මෙවර පැවැත්වුණේ. බක් පුරපසළොස්වක පොහොය දින අයිටීඑන් සවණක් රැස් වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ සිටයි. ඒ පූජ්‍ය කැලැගම්මන විමලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්.

ලක්හඩ ගුවන් විදුලිය සංවිධාන කළා ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වුණේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේදීයි.

 

 

 

The post වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG