දකුණු කොරියාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට දැඩි නීති පනවා තිබෙනවා.
හතරවන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තියක් වැලැක්වීම සඳහා හෙට දිනයේ සිට නව නීති ක්‍රියාත්මකයි. ගතවූ පැය 24 තුළ එරටින් ආසාදිතයින් 1378 දෙනෙකු හමුවීමත් සමඟයි නව නීති පැනවීමට තීරණය කර ඇත්තේ. ඒ අනුව හැකි සෑම විටම නිවෙස්තුලට වී කාලය ගත කිරීමට ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා. එළිමහනේ දී රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර ඇති අතර රැස්වීම් , පෙලපාලි හා උත්සව තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මංගල හා අවමංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ පවුලේ සාමාජිකයින්ට පමණයි. ඉදිරි සති දෙකක කාලය සඳහා මෙම නීති ක්‍රියාත්මක වන බව බලධාරීන් නිවේදනය කරනවා. පනවා ඇති නව නීති එරට ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට උපකාරීවනු ඇති බවටයි දකුණු කොරියා ජනතාව මත පළ කරන්නේ.
The post කොරෝනා මැඩලීමට දකුණු කොරියාව දැඩි නීති පනවයි appeared first on ITN News.
Post a Comment