ඔලිම්පික් තරගාවලිය මධ්‍යයේ ටෝකියෝ නුවර රෝහල් කෝවිඩ් ආසාදිතයන්ගෙන් පිරී ගොස් තිබෙනවා.
ටෝකියෝ නුවරින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනයේදී ටෝකියෝ නුවරින් නව කෝරෝනා ආසාදිතයන් 3177ක් හඳුනාගෙන තිබුණා. එලෙස ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් ටෝකියෝ නුවර රෝහල්වල කටයුතු සඳහා දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ටෝකියෝ නුවරට ආසන්න ප්‍රදේශ තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි එම ප්‍රදේශවල ආණ්ඩුකාරවරුන් ජපන් රජයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා. ඔලිම්පික් තරගාවලියට සම්බන්ධ පුද්ගලයින් 169 දෙනෙකුට මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ජපාන සෞඛ්‍ය අංශ පවසනවා.
The post ටෝකියෝ නුවර රෝහල් කෝවිඩ් ආසාදිතයින්ගෙන් පිරීයයි appeared first on ITN News.
Post a Comment