Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරු ප්‍රශ්නය විසඳන්න කැබිනෙට්ටුවට හෙට පත්‍රිකාවක් – වර්ජනය දිගටම ගෙනියන්න ස්ටාලින් වෑයමක  

Add comments

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් ක හදපු යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ පත්‍රිකාව මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා කියලයි අධ්‍යාපන ලේකම්වරයා කියන්නේ.

කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළත් ඔන්ලයින් වර්ජනය දිගටම කරගෙන යනව කියල වර්ජනය මෙහෙයවන ජෝසප් ස්ටාලින් කියනවා.

ඔන්ලයින් ගුරු වර්ජනය ආරම්භ කර අදට දින 14 ක් වනවා. හෙට ඉදිරිපත් කෙරෙන කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා පසුගිය දින කීපයේම පැවැත්වුණා.

වැටුප් විෂමතා පිළිබද සෙවීමට පත්කළ කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාව තමන් පිළිගත්ත ද වර්ජන ක්‍රියාදාමයේ දිගටම නියැලෙන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ.

ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් හොරණ නගරයේ උද්ඝෝෂණයක් අද පැවැත්වුණා. මේ හේතුවෙන් රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවුණා. වර්ජන හා උද්ඝෝෂන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් පළකරනවා.

 

The post ගුරු ප්‍රශ්නය විසඳන්න කැබිනෙට්ටුවට හෙට පත්‍රිකාවක් – වර්ජනය දිගටම ගෙනියන්න ස්ටාලින් වෑයමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG