Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සීගිරිය සහ යාල ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කෙරේ  

Add comments

සීගිරිය සහ යාල ජාතික වනෝද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමී තිරසර සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කෙරේ.

ඒ අනුව සීගිරිය හා ඒ අවට හදුනාගත් බිම් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කළාපයක් ලෙසත්,යාල සංචාරක කළාපය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී ආරක්ෂිත හා සංරක්ෂිත පෙදෙසක් ලෙසත් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පෙන්වා දෙයි. තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරාලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වැඩපිළිවෙලකි. සංචාරක ක්ෂේත්‍රයේ තිරසර ඉලක්කයන් සපුරා ගැනීම සදහා කටයුතු කිරීමට සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා සදහන් කරයි.

සංචාරකයන් තමන් ගමන් කරනු ලබන සංචාරක ගමනාන්ත කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන බැවින් අදාළ ගමනාන්ත වඩා ආකර්ෂණිය හා පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය වේ. එය සංචාරක ක්ෂේත්‍ර යේ ඉල්ලුම කෙරෙහි ද දැඩි බලපෑමක් ඇති කරයි. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම සංචාරක ව්‍යාපෘති සදහා බලපත්‍ර හෝ අනුමැතිය ලබාදීමට පෙර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පූර්ව ඇගයීමකට ලක් කීරීමට අපේක්ෂිතයි. ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර මෙම අනුමැතිය අනිවාර්ය කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබේ.

කොවිඩ් වසංගතයත් සමග පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සංචාරකයන් තුළ වැඩි ආකර්ෂණයක් ඇති වී ඇති බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා, ඒ අනුව මෙරට පරිසරය ආශ්‍රිත ආකර්ෂණිය ගමනාන්තයන් වලට වැඩි සංචාරක පිරිසක් ගෙන්වා ගැනීම සදහා අනුගමනය කළ යුතු උපාය මාර්ග සම්බන්ධයෙන් ද රජයේ විශේෂ අවධානයක් යොමු ව ඇතැයි ද කීවේය.

සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදීමේ දි ඒ පිළිබද ව වැඩි අවධානයක් යොමු කරන බව ද ඇමතිවරයා සදහන් කරයි. ඒ අනුව ඉදිරියේ දී ඉදිරිපත් කරනු ලබන සංචාරක ව්‍යාපෘති වලට අදාළ යෝජනා තිරසර මාර්ගෝපදේශයන්ට අනුව අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යය වේ. ඒ සදහා සහාය දැක්වීම සදහා ඉදිරියේ දී තිරසර සංචාරක ප්‍රවර්ධන හා සංවර්ධනය උදෙසා වන අභ්‍යන්තර ඒකකයක් ද සංචාරක සංවර්ධන අධිකාරිය තුළ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි.

The post සීගිරිය සහ යාල ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG