ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය (JICS) යටතේ පිරිනැමුණු යතුරු පැදි 150ක් නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු විය.
පරිත්‍යාග කරන ලද මෙම යතුරු පැදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන රාජකාරී සඳහා යෙදවීමට නියමිතය.
ජනාධිපතිතුමා විසින් මෙම යතුරු පැදි සංකේතාත්මකව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු වෙත භාර දෙන ලදී.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


The post ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට යතුරුපැදි 150ක් appeared first on ITN News.
Post a Comment